නුවරඑළිය දිස්ත්රික්කයට අයත් අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගලාව ගොවි ජනපදයේ දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම පසුගිය දා නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දුම්රිය සේවා ඇමැති සී. බී. රත්නායකගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරී වසම් මට්ටමින් නිවාස 67 ක ඉදිකරනු ලබන අතර එම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරනු ලබන ප්රථම නිවස එය වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් හය ලක්ෂයක පමණ වියදමෙන් එම නිවස ඉදිකරනු ලබන්නේ අඹතලාව ගොවිජනපද ගම්මානයේ පදිංචි යොවුන් වියේ පසුවන ආබාධිත දරුවන් දෙනෙකු සහිත ජී. එම්. ගුණසේකර මහතාගේ අසරණ පවුල සඳහාය.