රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සියලු නිවාස ව්‍යාපෘති සඳහා දේශීය උළු පමණක් යොදාගැනීමට නියමිත බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගෙන තිබෙන මෙම තීරණය අනූව ඉදිකිරීමට නියමිත නිවාස 14,022 ක් සඳහා දේශීය උළු සෙවිළි කෙරෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්‍යන්ත මහතා ‘‘ලංකාදීප‘‘ යට අද (13) ප්‍රකාශ කළේය.
බිඳවැටී තිබෙන දේශීය උළු කර්මාන්තය නගා සිටුවීම සහ ජනතාවට හොඳ වාතාශ්‍රයක් ලබාදීම මේ හරහා අපේක්ෂා කරන බව ද රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා සඳහන් කළේය.
එමෙන්ම මෙම තීරණය හරහා බිඳවැටී තිබෙන උළු කර්මාන්තය යළි ශක්තිමත් වන අතර අලුතින් රැකියා අවස්ථා ද උත්පාදනය වන බව ඒ මහතා පැවසීය.
නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍යය කරන උළු සපයා ගැනීම සඳහා උළු නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ද විවිධ ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස සඳහා හිඟයකින් තොරව උළු ලබාදීමට උළු නිෂ්පාදකයින් එකඟ වූ බව ද වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේය.