ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දිවයින පුරා නිවාස ගැටළුවන්ට මුහුණදී ඇති ජන කොට්ඨාශයට උපකාර කිරිමේ ඒකායන අරමුණ පෙරදැරි කරගෙන ඒ සඳහා විශේෂ අවධානය යොමු කර ඇත.
අපගේ ආයතනය විසින් පසුගිය දශක 03 තුල විවිධාකාරයේ නිවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් යටතේ දිවයින පුරා ජීවත්වන නිවාස ප්‍රශ්නයට මුහුණ දී සිටි විශාල සංඛ්‍යාවකට ස්ථිර නිවාස ලබාදීමට හැකිව ඇත.
මෙම නිවාස වැඩසටහන් විවිධ සංවර්ධන ව්‍යාපෘති යටතේ ඒ ඒ කාලපරිච්ඡේදයන්ගේ අවශ්‍යතාවයන් අනුව දියත් කරන ලදී.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වතු නිවාස, ග්‍රාමීය හා නාගරික අඩු ආදායම්ලාභී පවුල් වැනි දිළිදු ජනතාව ඉලක්ක කොට ගෙන විවිධ නිවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මහත් පරිශ්‍රමයක් දරණ ලදී.
වර්තමානයේදි ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාගේ මාර්ගෝපදේශකත්වය යටතේ අඩු ආදායම්ලාභී පවුල්හී තිබූ නිවාස ගැටළු විසඳීමට විශේෂ අවධානයක් යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් ස්ථිර නිවසක් හෝ ස්ථිර ආදායම් මුලdශ්රයක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගත් නිවාස වැඩසටහන් ගණනාවක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම නිවාස වැඩසටහන් යටතේ ඉදිකරන නිවාස ඒකකයන් සඳහා අවම වශයෙන් නිදන කාමරයක්, මුළුතැන් ගෙයක් සහ වැසිකිලියකින් සමන්විත වේ.
මෙම මූලික නිවාස පියවරෙන් පියවර ගොඩනැගීමට අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අරමුණු
|