“ඔබට ගෙයක් - රටක් හෙටක්” යන තේමාව යටතේ නිවාස 14,000ක් ඉදිකරන ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි.
තමන්ටම ස්ථිර නිවහනක් යන්න හැම පුද්ගලයෙකුම දකින, සැබෑවිය යුතු සිහිනයකි. අයිතියකි.
ඊට "සෞභාග්‍යයේ දැක්මක්" ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පරිදි ස්ථිර විසඳුමක් සොයන්නට නව රජය මුලපුරා තිබේ.
2011 නිවාස සංගණනයට අනුව අප රටේ නිවාස අවශ්‍යතාව දල වශයෙන් 455,000 කි. වැඩි දියුණු කළ යුතුව පවතින ගණන 534,000 කි. ඒ අතරින් බහුතරයක් දිළිඳු හෝ අඩු ආදායම් පවුල් වේ. 2020 දී පොල් අතු සහ තල් අතු නිවාස මෙරටින් තුරන් කිරීමේ වැඩ සටහනක් ලෙස "ඔබට ගෙයක් - රටට හෙටක්" අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරිමට නියමිතය.
“ගමට ගෙයක් - රටක් හෙටක්” යන ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම සේවා වසමකටම එක් නිවස බැගින් නිවාස 14,022ක් ඉදි කෙරේ.
එම නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන පසුගිය 01 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගිරිබාව වරාවැව දී ඇරඹිණි. එයට සමගාමීව එදින රටපුරාම නිවාස ඉදිකිරීම් ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය සදහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 8413කට අධික මුදලක් වෙන් කර ඇති අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකය.