ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි නිවාසවල සිටින නිවාසලාභීන් සදහා සින්නක්කර නිවාස ඔප්පු ලබාදීම අද එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය, අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මෙහිදී නිවාසලාභීන් 38 දෙනෙකු සඳහා නිවාස ඔප්පු ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා, එහි සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක යන මහත්වරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ