අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘’ඔබට ගෙයක් - රටට හෙටක්’’ නිවාස සංවර්ධන වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් 2021 නොවැම්බර් මස 27 දින කොලොන්නාව ප්රදේශයේදී ආරම්භ විය.
එම වැඩසටහන යටතේ කොලොන්නාව ප්රදේශයේ ඉදිකිරීමට නියමිත ප්රතිලාභී පවුල් 10ක නිවාස සඳහා මුල්ගල් තැබීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මැතිතුමන්ගේ අතින් සිදු කෙරිණි.