ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන "ඔබට ගෙයක් - රටට හෙටක්" ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිට්ටඹුව, කත්තොට ප්‍රදේශයේ ඉදිකළ නව නිවස විවෘත කිරීම අද සිදු කෙරුණි.
මීට සමගාමීව "ඔබට ගෙයක් - රටට හෙටක්" ජාතික නිවාස වැඩසටහන සහ නිවාස ණය වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් 86 දෙනෙකු සඳහා නිවාස ආධාර සහ නිවාස ණය චෙක්පත් ප්‍රධානය කළ අතර මෙහිදී ප්‍රතිලාභීන් 21 දෙනෙකු සඳහා නිවාස ආධාර චෙක්පත්ද, නිවාස ණය වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 65 දෙනෙකු සඳහා නිවාස අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමට නිවාස ණය චෙක්පත්ද ප්රදානය කෙරුණි. ඊට අමතරව ප්‍රතිලාභීන් සියළු දෙනා හට පොල් පැළද ලබා දෙන ලදි.
කැබිනට් අමාත්‍ය අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත ක්‍රියාත්මක මෙම වැඩසටහන 2019 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම හරහා හරිත ලොවක් නිර්මාණය කිරීමට ජනතාවට ලබා දුන් පොරොන්දුව යථාර්තයක් බවට පත් කිරීම තම අමාත්‍යාංශයේ වගකීමක් කොටගත් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එමඟින් ක්‍රියාත්මක කරන"ඔබට ගෙයක් - රටට හෙටක්" වැඩසටහන හරහා ජනතාව වෙත පවරා දෙන නිවාසයන්හී ගෙවතු තුළ පරිසර හිතකාමී කාබනික පොහොර යෙදු හරිත ලොවක් කරා යන වගාවක් වැඩසටහනේ සමාරම්භය අද සිදු කෙරුණි.