නිවාස අදිකාරියේ ගරු සබාපති R. දුමින්ද සිල්වා මැතිතුමාගේ ප්රදානත්වයෙන් අද දින කොලොන්නාව ආසනයේ වැල්ලම්පිටිය , කොලොන්නාව ,ගොතටුව, මුල්ලේරියාව නව නිවාස 20ක් සදහා මුල්ගල් තැබීම හා ඉදිකර අවසන් කල නිවාස 2ක් ජනතා අයිතියට පත්කිරීම සිදුවිය. එහිදී සබාපතිවරයා සදහන් කලේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රදාන අරමුණ වන්නේද ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම බවත් එය ඉතාමත් වේගයෙන් සිදුකර ජනතාවගේ අබිලාශ ඉටුකර දීමට තමන් ඇපකැප වන බවත්ය. මේ අවස්ථාව සදහා විශාල පිරිසක් එක්විය.