සම්බුද්ධ සාසනයට සිය දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් ආරම්භ කළ “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ පුත්තලම දිස්ත්‍රික් සමාරම්භක උත්සවය සහ ප්‍රතිලාභින් 300 දෙනෙකු සඳහා නිවාස ආධාර චෙක්පත් ප්රදානෝත්සවය ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරාධනය පරිදි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (02) දින පැවැත්විණි.
“මිහිඳු නිවහන” ව්‍යාපෘතිය සඳහා තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 12 දෙනෙකු සදහා නිවාස ආධාර චෙක්පත් ප්රදානය කිරීම, “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 183 දෙනෙකු සදහා චෙක්පත් ප්රදානය කිරීම, ගංවතුර නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 71 දෙනෙකු සදහා චෙක්පත් ප්රදානය කිරීම, අඩු ආදායම්ලාභී නිවාස ආධාර ව්‍යාපෘති වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 33 දෙනෙකු සදහා චෙක්පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.