ඔබට ගෙයක් - රටට හෙටක්" ජාතික නිවාස වැඩසටහනේ 2022 හම්බන්තොට දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර සභා ශාලාවේදී අද පැවැත්වුණි.
"ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 588 දෙනෙකු සඳහා රුපියල් මිලියන 388.200 ක නිවාස ආධාර චෙක්පත් ප්රදානය කිරීම, සෙවණ නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 24 දෙනෙකු සඳහා රුපියල් මිලියන 12.615 ක චෙක් පත් ප්රදානය කිරීම, මිහිඳු නිවහන නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 14 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.100 ක නිවාස ආධාර චෙක්පත් ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
ග්‍රාමිය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙය ක්‍රියාවට නංවනු ලබයි.
මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වි. චානක මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා, ග්‍රාමිය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා,
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා, එහි සමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක මහතා සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.