ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නව ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතන ශ්‍රවණාගාරයේදී ඊයේ (21) දින පැවැත්විණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා ඊයේ පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය. රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව නව ලේකම්වරයා පළමුව පැමිණියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියටයි.
මෙහිදී ආයතනයේ අරමුණ, ක්‍රියා පටිපාටිය හා ව්‍යුහය, දැනට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් නිළධාරීන් විසින් ලේකම්තුමන් දැනුවත් කෙරිණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් කාර්යාල 25 ක් සහ උප නගර කාර්යාල 2 ක් පිහිටා තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස වැඩසටහන, මිහිදු නිවහන වැඩසටහන, සියපත නිවාස වැඩසටහන ඇතුළු නිවාස හා ණය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනු ලබයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, උප සභාපති ලක්ෂමන් ගුණවර්ධන, සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක යන මහත්වරුන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.