ප්‍රවෘත්ති

දිස්ත්රිදක් කාර්්යායලවෙත නවින මෝටර්රථ ‍බෙදාදීම

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජනසෙ...More info

ජනවෙණ ගම්මානය නිවාස අයිතියට

"ජනසෙවන" නිවාස වැඩසටහන යටතේ ඉදිවුණු ජන...More info

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

 



ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජනසෙවන නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමේ පලමු වසරේ ඉලක්ක කරා සාර්ථක ලෙස ලඟා විය


 ජනසෙවන නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමේ පලමු වසරේ ඉලක්ක කරා සාර්ථක ලෙස  ලඟා වීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පසුගියදා සමත්විය. ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2011 දෙසැම්බර් මස 27 වෙනි දින පැවති එම වසරේ 4 වන කාර්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරි‍යේ සභාපති ජයන්ත සමරවීර  මහතා මේ බව ප්‍රකාශ කළේය.

 2011 වස‍රේ අධිකාරියේ නිවාස ඉදිකිරීම් ඉලක්කය වූ නිවාස ඒකක 26,369 සඳහා රුපියල් මිලියන 4,339 ක් ආයෝජනය කිරීමට සැලසුම් විය. වසර අවසානය වන විට නිවාස ඒකක 24,734 ඉදිකිරීම් ආරම්භ කිරීමටත් ඒ  සඳහා රුපියල් මිලියන 3,788 ක් ආයොජනය කිරීමට හැකි විය. එනම් නිවාස ඉදිකිරීම් ඉලක්කය 93% කින් සපුරා ගැනීමට සමත් වීමකි. ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 24,734 අතරින් නිවාස ඒකක 9,053 ඉදිකිරීම් නිම කිරීමට 2011 අවසානය වන විට හැකිවිය.

 

 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  ඉතිහාසයේ වැඩිම මුදලක් නිවාස ඉදිකිරීම්  සඳහා වියදම් කල වසර ලෙස 2011 ඉතහාස ගත වන්නේය. මේ සඳහා රාජ්‍ය බැංකු 6 ක දායකත්වයෙන් රුපියල් මිලියන 1,500 යක්ද භාණ්ඩාගාර අරමුදල් මගින් රුපියල් මිලියන 715 ක්ද, භාහිර අරමුදල් දායකත්වයෙන් රුපියල් මිලියන 690 ක්ද, අභ්‍යනතර උත්පාදන ආයොජනයෙන් රුපියල් මිලියන 450 ක්ද, සෙවණ ආධාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 155 ක් හා වෙනත් රුපියල් මිලියන   278 වශයෙන් මේ සඳහා මුදල් ආයොජනය කළේය.

2011 වසරේ නිවාස ණය හා කුලී අයකරගැනීම් වලින් ඉලක්ක ගත ආදායම රු.මි. 1,480 වූ අතර වසර අවසානයේදී රු.මි. 1,218 ඉලක්කයක් කරා ලගා වීමට හැකිවිය. එය 82% ඉලක්ක සපුරා ගැනීමකි. තවද සහශ්‍ර ලංකා නිවාස වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘති 03 සඳහා රු.මි. 216.7 ආයොජනය කර ඇති අතර මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ රු.මි. 210 ක් ද  නිවාස ව්‍යාපෘති වල පොදු පහසුකම් සංවර්ධනය සඳහා රු.මි. 50 වශයෙන් රටේ සමස්ත නිවාස සදවර්ධනය සඳහා විශාලතම මුදලක් ආයෝජනය කල වර්ෂය ලෙස වාර්තා ගතවී ඇත.

 

උත්සව පෙළගැස්ම

වීඩියෝ

වෙබ් සාරාංශ

Test Banner
Habitat-2011
Test Banner 2